Saturday, April 28, 2012


මහඔය නුවරගල තැන්න රක්ෂිතයේ  කිලෝ 83 බරැති ගෝනකු මරා මස් ිරී‍මේ හේතුවෙන් මහඔය නුවරගලතැන්නෙහි පදිංචිකරුවන් තිදෙනෙකුට විරුද්ධව පසුගියදා පොලීසිය විසින් අධිකරණය හමුවේ නඩු පවරණ ලදි. එහිදී දෙහිඅත්තකන්ඩිය මහේස්ත්‍රාත් චාමර වික්‍රමනායක මහතා විසින් ඊයේ (27) රුපියල් දෙලක්ෂ දහදාහක දඩ මුදලක් නියම කරන ලදි. ගෝනකු දඩයම් කිරීමේ හේතුවට ඉතිහාසයේ වැඩිම දඩ මුදලක් නියම කළ ප්‍රථම අවස්ථාව මෙය වේ.
අද දින (28) පුවත්පත් වල ඵලව තිබූ ඉහත ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් සහ එකී දඩ මුදල සම්බන්ධයෙන් කිසිඳු ගැටළුවක් නොමැති වුවද, පසුගිය සති දෙක තුනකට පෙර තල්ගස්වල ආරන්‍ය සේනාසනයක, බොහෝ කාලක් තිස්සේ නිදැල්ලේ සැරිසරමින් සිටි කිලෝ අසූ ගානක් පමණ බරින් යුතු ගෝනකු, ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සංධානයේ පළාත් සභා මංත්‍රීවරයෙකු වන නිශාන්ත මුතුහෙට්ටිගමගේ ගේ දේශපාලන හෙංචයියන් විසින් මුතුහෙට්ටිගමගේ ගේ අනුදැණුම මත මරා මස්කරණ ලද  සිද්ධියක් සම්බන්ධයෙන් වූ පුවතක් පුවත් පත්වල ඵලවිය. ප්‍ර‍දේශවාසීන් එකී සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට සහ වගකිවයුතු අංශයන් වෙත පැමිණිලි කළද, පලක් නොමැති වූ අතර බීරි අලින්ට වීනා වයනවා වැනි තත්ත්වයක් තුළ නීතිය සහ පොලීසිය හැසිරෙන්නේ කුමණාකාරයකට දැයි මනාව පැහැදිළි වූවකි.
“නීතිය ඉදිරියේ සැවොම සමාන‍යෝ ය; යනුවෙන් පැවසෙතත් මෙම සිද්ධි වලින් එය එසේම දැයි සිතා බැළිම වටනේය. එකම වරදට නීතිය, දෙතැනකදී ක්‍රියාකළ අයුරු දෙස බැලීමේදී  නීතිය දේශපාලනීකරණය වී ඇති බවට තවත් සාක්ෂි කුමටද ? දේශපාලන හෙංචයියන් ඉදිරියේ හැකිලෙන නීතිය, කිසියම් බලයක් නොමැති අසරණ මහජනයා ඉදිරියේ වීරයන් වන ආකාරය අත්දැකීමෙන් අප දැන සිටියෙමු.  
ප්‍රබලයන් සහ දුබලයන් ඉදිරියේ දී, නීතිය ක්‍රියාත්මක වන ආකරය සම්බන්ධයෙන් අප කුමක් කරමුද? තව දුරටත් නිහඞව සිටිමුද? නොයෙසේනම් සිදුවන අසාධාරණයන්ට විරුද්ධව නැගී සිටිමුද?




No comments:

Post a Comment