Sunday, February 23, 2014

 

 

කෝටි පන්සියයක වියදමින් බන්ධනාගාර සංකීර්ණයක් අඟුණකොළපැලැස්සේ......

රුපියල් කෝටි පන්සීයක පමණ වියදමින් බන්ධනාගාර සංකීර්ණයක්  අඟුණකොළපැලැස්‌සේ ආරම්භ කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණ කර ඇතැයි අද “දිවයින“ වාර්ථාකොට තිබුනි. එයට  මුල්ගල තැබීමේ උත්සවය ලබන මාසය ඇතුළත පැවැත්වීමට බලාපොරොත්තු වෙන බව බන්ධනාගාර කොමසාරිස්‌, ජනරාල් සී. පල්ලේගම මහතා "දිවයින"ට පවසා තිබූ අතර රටපුරාම බන්ධනාගාරවල සිටින රැඳවියන්ගේ සංඛ්‍යාව විසිහතරදාස්‌ නවසිය අනූඅටක්‌ දක්‌වා ඉහළ ගොස්‌ ඇතැයි ද බන්ධනාගාර කොමසාරිස්‌ ජනරාල්වරයා වැඩි දුරටත් පවසා තිබුනි.

 බන්ධනාගාර කොමසාරිස් වරයාට අනුව බන්ධනාගාරවල සිටින රැඳවියන්ගේ සංඛ්‍යාව විසිහතරදාස්‌ නවසිය අනූඅටක්‌ දක්‌වා ඉහලගොස් ඇතැයි පැවසුව ද සැබවින්ම බන්ධනාගාර තුළ සිටිය යුතු  නියම සංඛ්‍යාව මීට වඩා බොහෝ ඉහල අඟයක් ගන්නා බව නොරහසකි.
බන්ධනාගාර තුළ සිටිය යුතු භයානකම අපරාධකරුවන් වන කුඩු ජාවාරම්කරුවන්, මිනීමරුවන්, ස්ත්‍රී දුෂකයන්, හොරුන් මංකොල්ලකාරයන්, ළමා අපචාරකයන්, කොමිස් කාක්කන්, ආදීවු භයානකම අපරාධකාරයන් මේ මොහොතේ සිටින්නේ  රාජපක්ෂ ආණ්ඩුව අස්සේ බැවින්, ඔවුන් ගැන ගනණය කිරීමක්  බන්ධනාගාර කොමසාරිස්වරයා විසින් සිදුකොට නොමැති බව තේරුම් ගත යුතුය.

ඕක තමයි ඕයි ආශ්චර්යය කියන්නෙ

Saturday, April 28, 2012


මහඔය නුවරගල තැන්න රක්ෂිතයේ  කිලෝ 83 බරැති ගෝනකු මරා මස් ිරී‍මේ හේතුවෙන් මහඔය නුවරගලතැන්නෙහි පදිංචිකරුවන් තිදෙනෙකුට විරුද්ධව පසුගියදා පොලීසිය විසින් අධිකරණය හමුවේ නඩු පවරණ ලදි. එහිදී දෙහිඅත්තකන්ඩිය මහේස්ත්‍රාත් චාමර වික්‍රමනායක මහතා විසින් ඊයේ (27) රුපියල් දෙලක්ෂ දහදාහක දඩ මුදලක් නියම කරන ලදි. ගෝනකු දඩයම් කිරීමේ හේතුවට ඉතිහාසයේ වැඩිම දඩ මුදලක් නියම කළ ප්‍රථම අවස්ථාව මෙය වේ.
අද දින (28) පුවත්පත් වල ඵලව තිබූ ඉහත ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් සහ එකී දඩ මුදල සම්බන්ධයෙන් කිසිඳු ගැටළුවක් නොමැති වුවද, පසුගිය සති දෙක තුනකට පෙර තල්ගස්වල ආරන්‍ය සේනාසනයක, බොහෝ කාලක් තිස්සේ නිදැල්ලේ සැරිසරමින් සිටි කිලෝ අසූ ගානක් පමණ බරින් යුතු ගෝනකු, ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සංධානයේ පළාත් සභා මංත්‍රීවරයෙකු වන නිශාන්ත මුතුහෙට්ටිගමගේ ගේ දේශපාලන හෙංචයියන් විසින් මුතුහෙට්ටිගමගේ ගේ අනුදැණුම මත මරා මස්කරණ ලද  සිද්ධියක් සම්බන්ධයෙන් වූ පුවතක් පුවත් පත්වල ඵලවිය. ප්‍ර‍දේශවාසීන් එකී සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට සහ වගකිවයුතු අංශයන් වෙත පැමිණිලි කළද, පලක් නොමැති වූ අතර බීරි අලින්ට වීනා වයනවා වැනි තත්ත්වයක් තුළ නීතිය සහ පොලීසිය හැසිරෙන්නේ කුමණාකාරයකට දැයි මනාව පැහැදිළි වූවකි.
“නීතිය ඉදිරියේ සැවොම සමාන‍යෝ ය; යනුවෙන් පැවසෙතත් මෙම සිද්ධි වලින් එය එසේම දැයි සිතා බැළිම වටනේය. එකම වරදට නීතිය, දෙතැනකදී ක්‍රියාකළ අයුරු දෙස බැලීමේදී  නීතිය දේශපාලනීකරණය වී ඇති බවට තවත් සාක්ෂි කුමටද ? දේශපාලන හෙංචයියන් ඉදිරියේ හැකිලෙන නීතිය, කිසියම් බලයක් නොමැති අසරණ මහජනයා ඉදිරියේ වීරයන් වන ආකාරය අත්දැකීමෙන් අප දැන සිටියෙමු.  
ප්‍රබලයන් සහ දුබලයන් ඉදිරියේ දී, නීතිය ක්‍රියාත්මක වන ආකරය සම්බන්ධයෙන් අප කුමක් කරමුද? තව දුරටත් නිහඞව සිටිමුද? නොයෙසේනම් සිදුවන අසාධාරණයන්ට විරුද්ධව නැගී සිටිමුද?




Sunday, April 22, 2012


වියපත් ලමිස්සිගෙ කවිය...........

තනි යහන වැලපේවි
අඳුරු හුදකලාවෙක
හීත ගඩු හිනැහේවි
උණුසුමක් නැතිවාම
හීනයේ පුතු
හිනැහෙද්දි ඔච්චමට
කඳුළ විතරද තනි රකින්නේ
හැමදාම මෙන් හෙටට
හෙමි හෙමින්     
හොර හොරෙන්
කැඩපතටත්  රහසින්
වියපත් වන උවන මත
වැටෙන විට සිහින් රැලි
දුක දැනෙයි
තනි හිතට
යෞවනයට පමා වූ වසන්තය,
නුඹට මග කියාවිද
බෝ දුරක් නෑ එන්න
මා සිටින ඉසව්වට................


88-89. හනේ හපොයි. සිංහල කෙල්ලො, කොල්ලො.
 තිස් අවුරුදු පුරාවට එවැනිම වූ
මළකඳන් ගණන් කළ අප
 ''දෙමළ ත්‍රස්තයන්" සනසා ගත්ත හිත.
දකුණෙ උනුත් උතුරෙ උනුත් අපි සේරම එක පණ්තියෙ.
එහෙත් පුදුමය බලන් සකි සඳ
මිනීමරුවන් (ජාතියේ මුර දේවතා........)දේවත්වයට පත්වූ රඟ.........